කාසියේ වාසිය දිනා ලංකාව මුලින් පහරදෙයි – ආබාධයක් නිසා දිමුත් නෑ / නායකයා චන්දිමාල්

2021-01-14 at 09:50

එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් මහපට ඇගිල්ලේ ආබාධයක් නිසා ශ්‍රී ලංකා නිත්‍ය නායක දිමුත් කරුණාරත්න පළමු ටෙස්ට් තරගයට සහභාගී වන්නේ නැහැ.

ඒ අනුව දිනේෂ් චන්දිමාල් මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරනු ඇති.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි තරගය පැවැත්වෙන්නේ.