කැන්ගරුවන් තවත් තුරුම්පුවක් අදී

2019-02-08 at 15:18

එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟමාලාව අරමුණු කරගනිමින් හිටපු ක්‍රිකට් නායකයෙකු වන රිකී පොන්ටින් හට සහය පුහුණූකාර ධුරයක් පිරිනැමු බව ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ආයතනය පවසනවා.

ලෝක කුසලාන පෙර පුහුණූවීම්වලට ඔහුගේ උපරිම දායකත්වය ලබා ගන්නා බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

වසර 2003 සහ 2007 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන දිනා ගත් ඔස්ටේ්‍රලියා කණ්ඩායමේ නායකයා වශයෙන් රිකී පොන්ටින් කටයුතු කළා.

එසේම ලොව බිහිවු විශිෂ්ඨතම පිතිකරුවෙකු ලෙසද ඔහු සැලකෙනවා.