කුසල් මෙන්ඩිස් අදත් “0” ට යයි

2021-01-14 at 12:57

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කලේ.

ඒ අනුව දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුලු 03 ක් දැවී ලබාසිටි ළකුණු සංඛ්‍යාව 65 ක්.

කුසල් ජනිත් පෙරේරා ළකුණු 20 යි.

ළහිරු තිරිමාන්න ළකුණු 04 කටද කුසල් මෙන්ඩිස් ළකුණු නොලබාමද දැවී ගියා.

මහපට ඇගිල්ලේ ආබාධයක් නිසා ශ්‍රී ලංකා නිත්‍ය නායක දිමුත් කරුණාරත්න පළමු ටෙස්ට් තරගයට සහභාගී වන්නේ නැහැ.

ඒ අනුව දිනේෂ් චන්දිමාල් මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරනවා.

දිනේෂ් චන්දිමාල් නොදැවී 22 ක්ද ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 17 ක්ද ලබා කඩුල්ලේ රැඳී සිටිනවා.