කෙවින් පීටර්සන්ගෙන් ශ්‍රී ලංකා සංචාරයට අමුතු යෝජනාවක්

2018-09-14 at 16:42

ශ්‍රී ලංකා තරඟ සංචාරයෙන් එංගලන්ත පිතිකරු කීටන් ජෙනින්ස් සහ තුන් ඉරියව් ක්‍රීඩක සිටුවර්ට් බ්‍රෝඩ් ඉවත් කළයුතු බව එරට හිටපු ප්‍රභල පිතිකරුවෙකු වන කෙවින් පීටර්සන් පවසනව.

ඔහු පෙන්වා දෙන්නේ කීටන් ජෙනින්ස් පසුගිය තරඟ කිහිපයේම ඉති අසාර්ථක වු බවයි.

ස්ටුවර්ට් බ්‍රෝඩ් ආසියානු රටවල තරඟමාලාවලදී ඉතා දුරවල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරන බවයි හිටපු ප්‍රභලයාගේ මතය වන්නේ.

එංගලන්ත පිල ලබන මාසයේ ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතයි. එම සංචාරයට ටෙස්ට් තරග තුනක් / එක්දින තරග 5 ක් සහ එක් 20 යි 20 තරගයක් ඇතුළත්