කොදෙව්වන්ට එරෙහි නිල නොවන පුහුණු තරගයේ නායකත්වය උපුල් තරංගට

2020-02-15 at 08:59

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි නිල නොවන එක්දින පුහුණු තරගයේ ශ්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායමේ නායකත්වය හිටපු නායකයෙකු වන උපුල් තරංගට පිරිනමා තිබෙනවා.

16 දෙනෙකුගෙන් යුත් සංචිතය ඊයේ නම් කෙරුණු අතර සඳුන් වීරක්කොඩි / සධීර සමරවික්‍රම / අසේල ගුණරත්න / ඇන්ජලෝ පෙරේරා සහ අසිත ප්‍රනාන්දු ද ඊට අයත්.

තරගය කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී ලබන සඳුදා පැවැත්වීමට නියමිතයි.

මේ අතර නිල එක්දින පුහුණු තරගය ලබන බ්‍රහස්පතින්දා කටුනායකදී පැවැත්වෙන අතර තරග 3 කින් සමන්විත කොදෙව් – ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ පළමු එක්දින තරගය ලබන 22 වනදා කොළඹ එස් එස් සී පිටියේදී පැවැත්වෙනු ඇති.