කොදෙව් එංගලන්ත ටෙස්ට් තරග කාලසටහන මෙන්න

2020-06-03 at 14:03

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි ටෙස්ට් තරඟ මාලාවේ කාලසටහන එංගලන්තය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබෙනවා.

පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ලබන මස 8 වනදා සවුතැම්ප්ටන් හිදි ආරම්භ වීමට නියමිතයි.

දෙවන හා තුන් වන ටෙස්ට් තරඟ දෙක පැවැත්වෙන්නේ මැන්චෙස්ටර් හිදියි.

කිසිදු තරඟයකට නරඹන්නක් ගෙන්වීමට පියවර නොගන්නා බවයි එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ.

කොදෙව් පිල ලබන 9 වනදා එංගලන්තයට ළඟා වනවා. එතැන් සිට ඔවුන් ෂති තුනක කාලයක් නිරෝධායන නීති අනුව පුහුණු වීමට නියමිතයි.

අනතුරුවයි ටෙස්ට් තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගන අසල පිහිටි හෝටල් වෙත ඔවුන් යොමු කෙරෙන්නේ.

කොරෝනා වසංගතයෙන් පසුව පැවැත්වෙන පළමු ටෙසට් ක්‍රිකට් තරඟමාලාවද මෙය වනවා.