කොදෙව් – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය ජය පැරදුමෙන් තොරයි

2021-04-03 at 06:07

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – බටහිර ඉන්දිය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

ඇන්ටිගා හී සර් විවියන් රිචඩ්සන් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති දෙවනි තරගයේ බටහිර ඉන්දිය කොදෙව් පළමු ඉනිම ලකුණු 354 යි.

ශ්‍රී ලංකා පිළ පළමු ඉනිමට ලකුණු 258 ක් රැස් කළ අතර කොදෙව් පිළ දෙවැනි ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 280 ක්.

ඒ අනුව තරගය ජය ගැනිමට ශ්‍රී ලංකා පිළට ලකුණු 377 ක ඉලක්කයක් හිමිවු අතර තරගයේ පස්වන දිනය නිමාවන විට ඔවුන් කඩුලු 2 ක් දැවි ලකුණු 193 ක් රැස් කරගෙන සිටියා.

නායක දිමුත් කරුණාරත්න ලකුණු 75 යි.

ඕෂධ ප්‍රනාන්දු නොදැවි ලකුණු 66 යි.

තරගාවලියේ වීරයා සම්මානය සුරංග ලක්මාල් දිනා ගත් අතර දෙවැනි තරගයේ වීරයා ක්‍රෙයිග් බ්‍රෙත්වෙයිට්.

මේ අනුව ටෙස්ට් තරග දෙකක් / එක්දින තරග 3 ක් හා විස්සයි විස්ස තරග 3 කින් සමන්විත වු කොදෙව් සංචාරය නිමා කරමින් ශ්‍රී ලංකා පිළ යළි දිවයිනට පැමිණිමට නියමිතයි.

ශ්‍රී ලංකා පිළ මීලගට තරග වැදිමට නියමිතව ඇත්තේ සංචාරක බංගලාදේශ කණ්ඩායම සමගයි.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සදහා බංගලාදේශ පිළ මෙරටට පැමිණිමට නියමිත අතර පළමු තරගය අප්‍රේල් 21 වනදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි ආරම්භ විමට නියමිත බවයි ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සදහන් කළේ.