කොදෙව් ශ්‍රී ලංකා නිල නොවන පුහුණු තරගය අද

2020-02-17 at 05:30

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර නිල නොවන පුහුණු තරගය අද පැවැත්වෙනවා.

ඒ කොළඹ පී සරා ඕවල් පිටියේදීයි.

මෙම තරගයේදී ශ්‍රී ලංකා පිළ මෙහෙයවන්නේ උපුල් තරංග විසින්.

දෙරට අතර නිල පුහුණු තරගය ලබන බ්‍රහස්පතින්දා කටුනායකදී පැවැත්වෙනවා.

තරග 3 කින් සමන්විත කොදෙව් – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන සෙනසුරාදා කොළඹ එස් එස් සී පිටියේදී පැවැත්වීමට නියමිතයි.


ipsum facilisis Lorem dapibus ante. dictum amet, justo Aenean venenatis, dolor.