කොරෝනා නිසා ටෝකියෝ මැරතන් තරගය අවලංගුයි

2020-02-18 at 09:25

ජපානයෙදි වාර්ෂිකව පවත්වන ටෝකියෝ මැරතන් තරගය අවලංගු කර තිබෙනවා.

කොරෝනා වෛරස ව්‍යප්තිය හේතුවෙන් එම තීරණය ගත් බවයි තරග සංවිධායකයින් පවසන්නේ.

මෙවර ටෝකියෝ මැරතන් තරගයට රටවල් රැසක් නියෝජනය කරමින් තරගකරුවන් තිස් අට දහසක් පමණ සහභාගී විමට නියමිතව සිටියා.

ඔවුන් සියලු දෙනාට ලබන වසරේදී තරගයට සහභාගී වීමට අවස්ථාව ලබා දෙන බව සංවිධාකයින් ප්‍රකාශ කර තිබෙනවා.

ලොව ප්‍රධානම මැරතන් ඉසව් හයෙන් එකක් ලෙසයි ටෝකියෝ මැරතන් ඉසව්ව සැලකෙන්නේ.


commodo Donec Sed velit, ipsum libero risus. felis consectetur ut justo id