කොරෝනා සටනට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ඉහළ දායකත්වයක්

2020-04-07 at 17:19

කොරෝනා මර්ධනයට එරෙහි ඉන්දීය අරමුදලට එරට ක්‍රිකට් ක්‍රීඩකයින් තවදුරටත් ආධාර පිරිනමා තිබෙනවා.

නවතම ප්‍රදානය හිමිවී ඇත්තේ ප්‍රවීණ ක්‍රීඩක සුනිල් ගවස්කාර්ගෙනුයි.

ඔහු ඉන්දීය රුපියල් ලක්ෂ 59 ක් ලබා දී තිබෙනවා.

ටෙස්ට් ක්‍රීඩක චිතේෂ්වර් පුජාරාද එම අරමුදලට දායක වු බවයි ඉන්දිය වාර්තා සඳහව් කළේ.

මීට පෙර සචින් තෙන්දුල්කාර් / විරාත් කෝලි / රෝහිත් ශර්මා / යුවරාජ් සිං / සුරේෂ් රයිනා ඇතුළු ක්‍රීඩකයින් රැසක්ද කොරෝනා මර්ධනයට එරෙහි ඉන්දීය අරමුදලට මුල්‍ය පරිත්‍යාග සිදු කළා.