ගාම්භීර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

December 5, 2018

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ඉන්දීය සුපිරි පිතිකරු ගෞතම් ගාම්භීර් තීරණය කර තිබෙනවා.

එමෙන්ම අයි.පී.එල් තරගාවලියෙන්ද තමා සමුගන්නා බවයි ගාම්භීර් ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.

ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කල ගෞතම් ගාම්භීර් මනා සංයමකින් ලකුණු රැස් කරන පිතිකරුවෙකු ලෙසටයි ප්‍රකටව ඇත්තේ.

2007 වසරේදී ජොහැන්ස්බර්ග් හීදි පැවැති පකිස්ථානයට එරෙහි විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ අවසාන මහා තරගය ඉන්දියාවට ජය ගැනීම සදහාද ගෞතම් ගාම්භීර් සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නා.

එම තරගයේදී ගෞතම් ගාම්භීර් රැස් කල ලකුණු සංඛ්‍යාව 75 ක්.

එමෙන්ම 2011 වසරේදී ශ්‍රී ලංකාව සමග පැවති ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ලකුණු 97 ක් රැස් කරමින් ගෞතම් ගාමිභීර් ඉන්දිය කන්ඩායමේ ජය මාවත විවර කළා.

එක්දින තරග 147 කට ක්‍රීඩා කර ඇති ගාම්භීර් රැස් කර ගෙන ඇති ලකුනු සංඛ්‍යාව 5238 ක්.

ටෙස්ට් තරග 58 කදී ලකුණු 4154 ක් ලබා ගෙන සිටින ගෞතම් ගාම්භීර් විස්සයි විස්ස තරග 37 කදී ලකුණු 932 ක් රැස් කර තිබෙනවා.