ජාත්‍යන්තර පෙරළියක් කරමින් ශ්‍රී ලංකා පිල පාකිස්ථානයට

2019-08-23 at 18:01

එක් දින ක්‍රිකට් තරග තුනකට සහ 20 යි 20 ක්‍රිකට් තරග තුනකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන මාසයේ පාකිස්ථානය බලා පිටත් වනවා.

ලබන මස 27 වනදා සිට ඔක්තොම්බර් 09 වනදා තෙක් තරග සංචාරය ක්‍රියාත්මක බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

එක් දින තරග කරච්ච් නුවරදීත් 20 යි 20 තරග ලාහෝර් නුවරදීත් පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරගමාලාව ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වීමට අපේක්ෂා කරන බවයි පාකිස්ථාන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරින් සඳහන් කළේ.