ජෝ රූට් ගාල්ලේ අණසක පතුරයි

2021-01-15 at 18:27

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය නිමාවට පත්වුණා.

වර්ශාව හේතුවෙන් නියමිත වේලාවට පෙර තරගය අවසන් කෙරුණු අතර ඒ වනවිට සංචාරක එංගලන්තය කඩුලු 04 ක් දැවී ලබා සිටි ළකුණු සංඛ්‍යාව 320 ක්. ජෝ රූට් නොදැවී 168 යි.

ජොස් බට්ලර් නොදැවී ළකුණු 07 ක් ලබා කඩුල්ලේ රැඳී සිටියා. ඩැන් ලෝරන්ස් 73 කට දැවී ගියා.

ජොනී බෙයාර්ස්ටෝ 47 යි. ලසිත් ඇඹුල්දෙණිය ළකුණු 131 කට කඩුලු 03 ක් බිඳ හෙලුවා.

තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.