ටෙස්ට් තරගාවලියකට පකිස්ථානයෙන් ඇරයුම්

2019-04-13 at 06:50

තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සඳහා පැමිණෙන්නැයි පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකාවට ආරාධනා කර තිඛෙනවා.

ලෝක කුසලානයෙන් පසු එම තරගාවලිය පැවැත්වීමයි පකිස්ථානයේ සැලසුම වී ඇත්තේ. කරච්චි සහ ලාහෝර් නගරවලදී මෙම තරග පැවැත්වෙනු ඇති බව සඳහන්.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් මේ දක්වා අවසන් තීරණයක් ගෙන නැහැ.

2009 වසරේදී ලාහෝර් නගරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මේ දක්වා පකිස්ථානයේදී කිසිදු ජාත්‍යන්තර ටෙස්ට් තරගයක් පවත්වා නැහැ.

Please follow and like us: