තරගයේ පාලනය එංගලන්තයට

November 7, 2018

ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පාලනය තමන් වෙත නතු කර ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් වී තිඛෙනවා.

ශ්‍රී ලංකා පළමු ඉණිම ලකුණූ 203 කට සීමා කිරීමටද ඔවුන් සමත් වුණා. එහිදී මොයින් අලී කඩුළු 4 ක් දවා ගත්තා. ජැක් ලීච් සහ අදිල් රශීඩ් කඩුළු දෙක බැගින් දවා ගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇන්ජලෝ මැතිවිස් ලකුණූ 52 යි. දිනේෂ් චන්දිමාල් ලකුණූ 33 ක්ද නිරෝෂන් දික්වැල්ල ලකුණූ 28 ක් ද ලබා ගත්තා.

තරඟයේ දෙවන දිනය වන අද ක්‍රීඩාව නතර කරන විට සිය දෙවන ඉණ්ම ක්‍රීඩා කරන එංගලන්තය කිසිවෙකු නොදැවී ලබා සිටි ලකුණූ සංඛ්‍යාව 38 ක්.

එංගලන්තය සිය පළමු ඉණිම සඳහා ලකුණූ 342 ක් ලබා ගත්තා.

සිය පළමු ටෙස්ට් තරගයට සහභාගී වන ඛෙන් ෆෝක්ස් ලකුණූ 107 ක් රැස් කළා. දිල්රුවන් පෙරේරා කඩුළු 5 යි. තරඟය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදීයි.