තරග පාවාදුන් ඉන්දීය ක්‍රීඩක ශ්‍රී ෂාන්ත්ගේ වසර 7 ක තරග තහනම අදින් අවසන්

2020-09-13 at 16:00

තරග පාවාදීමේ චෝදනාවට අදාලව ඉන්දීය ක්‍රීඩක එස් ශ්‍රී ෂාන්ත්ට පැණවුනු වසර 7 ක තරග තහනම අදින් අවසන් වනවා.

2013 වසරේ අයි පී එල් තරගාවලිය අතරතුරදී තරගයක් පාවදිීමේ චෝදනාවක් සනාථ වීම හේතුවෙනුයි ඔහුට මෙම තහනම පැණවුනේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පලමුවෙන් තීරණය කර තිබුනේ ශ්‍රී ෂාන්ත් හට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැණවිමටයි.

එහෙත් පසුව එය වසර 7 ක් දක්වා අවම කෙරුනේ අභියාචනයක ප්‍රතිඑළයක් මතයි.

තමා නැවතත් ක්‍රිකට් පිටියට පිවිසීමට බලාපොරොත්තු වන බවයි ශ්‍රී ෂාන්ත් නිකුත් කල ට්ටිටර් පණිවිඩියක දැක්වෙන්නේ.