තරග සංචාරයකට නවසීලන්තයට පැමිණි පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයන් 06 කට කොරෝනා

2020-11-26 at 12:31

තරග සංචාරයක් සඳහා නවසීලන්තයට පැමිණි පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 06 දෙනෙකුට කොවිඞ් වෛරසය ආසාධනය වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

ඔවුන් රටින් පිටත්වීමට පෙර ලාහෝර් නුවරදී කොරෝනා පරීක්ෂණවලට ලක් කර තිබූ අතර නවසීලන්තයට පැමිණිමෙන් පසු ක්‍රයිස්චර්ච් නුවරදී නැවතත් පරීක්ෂා කර තිබෙනවා.

එහිදී අනාවරණ වී ඇත්තේ ඔවුන්ට පකිස්ථානයේදී කොවිඞ් වෛරසය ආසාධනය වී ඇති බවයි.

එමෙන්ම දුරස්ථභාවය ඇතුලු සෞඛ්‍ය නිර්දේශ ඔවුන් විසින් කඩකර ඇති බවද සී සී ටී වී දර්ශන අනුව හෙළිවී ඇති බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය සඳහන් කලා.

මේ අනුව තරග සංචාරයට පැමිණි නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සියලු සාමාජිකයන් යළිත් කොවිඞ් පරීක්ෂණවලට යොමු කිරීමටයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.

පන්දුවාර 20 තරග 03 කට සහ ටෙස්ට් තරග 02 කට සහභාගීවීම සඳහායි පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයට පැමිණියේ.