තව ඉවසන්න – ප්‍රවීනයෝ ජොනීගෙන් ඉල්ලයි

November 7, 2018

ප්‍රමාණවත් කාලසීමාවක් විවේක ගැනීමෙන් තොරව නැවත කණ්ඩායම එක් නොවන්නැයි එංගලන්ත පිලේ හිටපු කඩුළු රකින්නෙකු වු මැට් ප්‍රයර් වත්මන් නිත්‍ය කඩුළු රකින්නා වන ජොනී ඛෙයාර්ස්ටෝගෙන් ඉල්ලීමක් කර තිඛෙනවා.

වළළුකර ආබාධයක් හේතුවෙන් ජොනී ඛෙයාර්ස්ටෝ ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරඟයෙන් ඉවත් වුණා.

නැවත් කණ්ඩායමට එක්වීමට ඛෙයාර්ස්ටෝ ඉක්මන් නොවිය යුතු බවයි මැට් ප්‍රයර් සඳහන් කර ඇත්තේ. පාදයේ ආබාධයක් නිත්‍ය වශයෙන්ම සුවපත් වීමකින් තොරව කඩුළු රකින්නෙකු තරඟවලට සහභාගී වීම අංශ කිහිපයකින්ම අවාසිදායක බවයි හිටපු ප්‍රවීණ ක්‍රීඩකයාගේ මතය වන්නේ.

ආබාධය වර්ධනය වීමේ අවදානම ඉහළ මට්ටමක පැවතීම සහ උපරිම දක්ෂතා පෙන්වීමට නොහැකි වීම ඉන් ප්‍රධාන බව මැට් ප්‍රයර් සඳහන් කර තිඛෙනවා.