තිලාන් වෙනුවට ජොනතන් ලුවිස් පිතිකරණ පුහුණුකරු ධුරයට

December 13, 2018

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ජොනතන් ලුවිස් පත්කර තිඛෙනවා.

ඔහු මීට ඉහතදී එංගලන්තයේ ඩරම් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කලා.

දැනට ක්‍රියාත්මක ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ සිට ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලානය අවසානය තෙක් ජොනතන් ලුවිස් පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති.

මේ දක්වා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කලේ තිලාන් සමරවීරයි.