තුන්වන දිනය ආරම්භයට වැස්සෙන් අඛණ්ඩ බාධා

2019-12-13 at 12:37

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය ආරම්භ වීම වර්ෂාව හේතුවෙන් තවමත් ප්‍රමාද වී තිඛෙනවා.

තරග විනිසුරුවන් පවසන්නේ තරගය ආරම්භවීමට තවත් පැය කිහිපයක් ගතවනු ඇති බවයි.

කේසේවෙතත් තරගය පැවැත්වෙන රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණය අවට පවතින්නේ වැසිබර කාලගුණ තත්වයක්.

තරගයේ දෙවන දිනය වු ඊයේ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් නියමිත කාලයට පෙර තරගය නවතා දැමුනා.

තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රිඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලකුණු 263 ක් රැස්කරගෙන සිටියා.