දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් දිනය අද

2019-12-10 at 06:42

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් දිනය අදයි. දෙසැම්බර් පලමුවැනිදායි තරගාවලිය ආරම්භ වුනේ.

රන් පදක්කම් 159 ක් / රිදී 91 ක් හා ලෝකඩ 44 ක් සමග සමස්ථ පදක්කම් 294 ක් හිමි කර ගත් ඉන්දියාව මේ වන විට පදක්කම් සටහනේ පළමු ස්ථානයේ පසුවනවා.

රන් 49 ක් / රිදී 54 ක් ලෝකඩ 92 ක් හිමි කර ගත් සත්කාරක නේපාලය පසුවන්නේ පදක්කම් සටහනේ දෙවන ස්ථානයේයි.

ශ්‍රී ලංකාව රන් පදක්කම් 39 ක් / රිදී 79 ක් හා ලෝකඩ 118 ක් සමග තුන්වන ස්ථානයට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකාවට තරගාවලියේ මෙතෙක් හිමිව ඇති සමස්ථ පදක්කම් සංඛ්‍යාව 236 ක්.

පකිස්ථානය / බංගලාදේශය හා මාලදිවයින පිළිවෙලින් පදක්කම් සටහනේ සිව්වන / පස්වන හා හයවන ස්ථාන සදහා පත්ව තිබෙනවා. තරගාවලියේ මේ දක්වා කිසිදු රන් පදක්කමක් දිනා ගැනීමට සමත් නොවූ භූතානයට පදක්කම් සටහනේ හිමිව ඇත්තේ අවසන් ස්ථානයයි.

මේ අතර සාග් ක්‍රීඩා උළෙලට සහභාගීවීමට ගිය ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකට ඩෙංගු රෝගය වැළඳීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව රජය පවසනවා.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙකුට රෝගය වැළඳී තිබූ අතර එක් අයෙකු තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.