දකුණූ අප්‍රිකා ක්‍රිකට් නායකත්වය වෙනස් වෙයි

2019-03-17 at 19:09

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරඟමාලාවෙදී දකුණූ අප්‍රිකා පිලේ නායකත්වය ක්‍රීඩකයින් දෙදෙනෙකු අතර බෙදී ගොස් තිබෙනවා.

පළමු තරඟයේදී ෆැෆ් ඩු ප්ලෙසීගේ නායකත්වය යටතේ තරඟ වදින දකුණූ අප්‍රිකාව දෙවන සහ තුන් වන තරඟවලදී ජෙ පී ඩුමිනිගේ නායකත්වය යටතේ තරඟ කිරීමට නියමිතයි.

පළමු තරඟයෙන් පසුව ඩු ප්ලෙසී / ක්වින්ටන් ඩි කොක් / කගීසෝ රබාඩා සහ ලුන්ගි එන් ගිඩී විවේක ගැන්වීමට දකුණූ අප්‍රිකා තේරීම් කමිටුව තීරණය කිරීමයි ඊට හේතුව වන්නේ.

මෙම ක්‍රිඩකයින් ටෙස්ට් හා එක් දින තරඟමාලාව පුරාම ක්‍රීඩා කිරීම හේතුවෙන් ඔවුන්ට විවේකය ලබා දෙන බවයි දකුණූ අප්‍රිකා තේරීම් කමිටුව සඳහන් කළේ.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණූ අප්‍රිකාව අතර 20 යි 20 තරඟමාලාව අනිද්දා (19) කේප් ටවුන් හිදී ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර එක් දින තරඟමාලාව පහට බින්දුවක් ලෙස ජය ගත්තේ දකුණු අප්‍රිකා කණ්ඩායමයි.

ශ්‍රී ලංකාව දෙකට බින්දුවක් ලෙස ටෙස්ට් තරඟමාලාවේ ජය අත්කර ගත්තා.