දික්වැල්ලගේ Miss වීම නිසා අතේ තිබූ ජය ගිළිහෙයි

2019-03-20 at 06:28

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු 20 යි 20 තරගය ළකුණු සම තත්වයෙන් නිමාවට පත්වුණා.

අනතුරුව පැවති සුපිරි පන්දු වාරයේ ජය හිමිවූයේ දකුණු අප්‍රිකාවටයි.

කේප්ටවුන් හි පැවති තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස්කල ළකුණු සංඛ්‍යාව 134 ක්. කුසල් මෙන්ඩිස් 41 යි.

ඒ ෆෙලුක්වායෝ ළකුණු 25 කට කඩුලු 3 ක් බිඳහෙලුවා.

පිළිතුරු ඉණිම ක්‍රීඩාකල දකුණු අප්‍රිකාවද නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් බිඳවැටී රැස්කල ළකුණු සංඛ්‍යාවද 134 ක්.

ඩේවිඩ් මිලර් 41 යි. අවසාන පන්දුවේදී ඩේල් ස්ටේන් දුවද්දී දැවීයාමකට පහසුවෙන් හසුකර ගැනීමට තිබූ අවස්ථාවක් කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අතින් ගිලිහී නොගියේ නම් තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතුවනවා.

අනතුරුව පැවති සුපිරි පන්දුවාරයේදී දකුණු අප්‍රිකාව ළකුණු 14 ක්ද ශ්‍රී ලංකාව ළකුණු 3 ක්ද ලබාගත්තා.

දෙරට අතර 2 වන විස්සයි 20 තරගය අනිද්දා සෙන්චූරියන් හිදී පැවැත්වීමට නියමිතයි.