දිල්හාර ලොකුහෙට්ටිගේ ICC දූෂණ මර්දන චෝදනා 03 කට වරදකරු වෙයි

2021-01-28 at 17:45

ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ අයි සී සී දූෂණ මර්දන චෝදනා 03 කට වරදකරු වී තිබෙනවා.

ස්වාධීන විනිසුරු මඩුල්ලක් විසින් සිදුකල කරුණු විමසා බැලීමකදී ඔහු වරදකරු බවට පත්ව ඇති බව සඳහන්.

2019 වසරේ නොවැම්බර් මාසයේදී ලොකුහෙට්ටිගේට එරෙහිව චෝදනා ගොණු කර තිබුණා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති පන්දුවාර 10 තරගාවලියක් අතරතුර දූෂණ මර්දන නීති කඩකිරීමයි ඔහුට එරෙහි චෝදනා වන්නේ.