දෙවන එක් දින තරගයේ ජයත් ඉන්දියාවට

2018-09-13 at 18:53

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහි දෙවන එක්දින ක්‍රිකට් තරඟයෙන් ලකුණූ 6 ක තියුණු ජයක් ලබා ගැනීමට සංචාරක ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. තරඟය පැවැත්වුණේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදීයී.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය පිල පන්දුවාර 50 දී සියළු දෙනා දැවී ලකුණූ 219 ක් ලබා ගත්තා. ටානියා භාතිය ලකුණූ 63 යි. නායිකා මිතාලි රාජ් 52 යි. පන්දු යැවීමේදී ශ්‍රී ලංකකා නායිකා චමරී අතපත්තු කඩුළු 3 ක් දවා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 48 යි එක් පන්දුවකදී ලකුණූ 212 කට දැවී ගියා. නායිකා චමරි අතපත්තු ලකුණූ 57 ක් රැස් කළා. ශශිකලා සිරිවර්ධන ලකුණූ 49 යි.

දෙරට අතර තුන් වන එක් දින ක්‍රිකට් තරඟය ලබන ඉරිදා කටුනායකදී පැවැත්වීමට නියමිතයි.