දෙවන ටෙස්ට් තරගයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 10 ක ජයක් – තරගාවලි ජය 2 ට 0 ක් ලෙස ත් දිනාගනී

2021-01-05 at 16:52

ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය 2 ට 0 ක් ලෙස ජයගැනීමට සත්කාරක දකුණු අප්‍රිකාව අද සමත් වුණා.

ඒ ජොහැන්නස්බර්ග් නුවර පැවති දෙවන තරගයෙන් කඩුලු 10 ක ජයක් ලැබීමත් සමගයි.

ශ්‍රී ලංකාව පළමු ඉණිමට 157 ක්ද දෙවන ඉණිමට 211 ක් ද රැස්කලා. දකුණු අප්‍රිකා පළමු ඉණිම 302 යි.

තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකාවට දෙවන ඉණිමේදී හිමිවූ ඉලක්කය ළකුණු 67 ක්.

එය කිසිදු කඩුල්ලක් නොදැවී සපුරා ගැනීමට ඔවුන් සමත්වුණා.

තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා ලෙසද නම්කෙරුණේ දකුණු අප්‍රිකාවේ ඩීන් එල්ගර්.