දෙවන ටෙස්ට් තරගය පල්ලෙකැළේදීමයි – SLC

November 6, 2018

එංගලන්ත ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය සැලසුම් කළ පරිදි මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ක්‍රීඩකයින්ගේ සහ නිලධාරීන්ගේ නවාතැන් පහසුකම් සම්බන්ධ ගැටළුවක් හේතුවෙන් එම ටෙස්ට් තරඟ කොළඹට මාරු කිරීමට සිදුවනු ඇති බවයි මීට පෙර ප්‍රකාශ කෙරුනේ.

එහෙත් ක්‍රීඩා අමාත්‍යවරයාගේද මැදිහත් වීම යටතේ අදාල ප්‍රශ්ණය නිරාකරණය කර දීමට මහනුවර ප්‍රදේශයේ සුපිරි හෝටලයක බලධාරීන් එකඟතාව පල කර තිඛෙනවා.

ශ්‍රී ලංකා පිල සහ සංචාරක එංගලන්ත පිල අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය ලබන 14 වනදා පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.