දෙවන T20 ජයත් සමග තරගාවලිය ජය ගන්නට දකුණු අප්‍රිකාව සමත්වෙයි

2019-03-23 at 06:07

සංචාරක ශ්‍රී ලංකාවට එරෙහි දෙවන 20 යි 20 ක්‍රිකට් තරගය ලකුණු 16 කින් ජය ගනිමින් එක් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට දකුණු අප්‍රිකාව සමත්වුණා.

සෙන්චූරියන්හිදී ඊයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමු පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 180 ක් ලබා ගත්තා.

රීසා හෙන්ඩ්රික්ස් ලකුනූ 65 ක්ද රසී වෑන් ඩුසන් ලකුණු 64 ක්ද ලබාගත්තා.

පන්දු යැවීමේදී ලසිත් මාලිංග / ඉසුරු උදාන සහ අකිල ධනංජය එක් කඩුල්ල බැගින් බිදහෙලුවා.

ලකුණු 181 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකාවට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 164 ක් පමණයි.

ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වූ ඉසුරු උදාන පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් ලබාගත්තා. පන්දු යැවීමේදී ක්‍රිස් මොරිස් කඩුලු 03යි.

පන්දුවාර 20 තරගාවලියේ අවසන් තරගය හෙට සෙන්චූරියන්හිදී පැවැත්වීමට නියමිතයි.