ද.අප්‍රිකාව හා පකිස්ථානයත් සංචිත නම් කරයි

2019-04-19 at 08:15

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වන පකිස්ථාන සංචිතයෙන් ප්‍රභල වේග පන්දු යවන්නෙකු වන මොහොමඩ් අමීර් ඉවත් කර තිඛෙනවා.

එසේම අසීෆ් අලී සහ උස්මාන් ශින්වරි ද ලෝක කුසලාන වරම් ලබා නැහැ.

සෆ්රාස් අහමඩ්ගේ නායකත්වයෙන් යුත් පකිස්ථාන සංචිතයට ශොයිබ් මලික් / මොහොමඩ් හෆීස් / ඉමාඩ් වසීම් / ශදාබ් ඛාන් සහා ජුනයිඩ් ඛාන් වැනි පළපුරුදු ක්‍රීඩකයින් රැසක් ඇතුළත්.

මේ අතර දකුණූ අප්‍රිකාවද සිය ලෝක කුසලාන සංචිතය නම් කර තිඛෙනවා.

රීසා හෙන්රික්ස් හා ක්‍රිස් මොරිස් ඊට ඇතුළත් වන්නේ නැහැ.

ෆැෆ් ඩු ප්ලෙසී නායකත්වය දරන එම සංචිතයට ජේ පී ඩුමිනි / හශීම් අම්ලා / ඩේවිඩ් මිලර් / ඩේල් ස්ටෙයින් / ක්වින්ටන් ඩි කොක් / ඉම්රාන් තහීර් හා කගීසෝ රබාඩා වැනි ප්‍රභලයින් සියළු දෙනා ඇතුළත් වනවා.

ලෝක කුසලානයට සහභාගී වන රටවලට සිය සංචිත නම් කිරීමට දී තිබු කාලය ලබන 23 වනදායින් අවසන් වනවා.

එහෙත් ලබන මස 23 වනදා තෙක් එහි වෙනස්කම් කිරීමට අවස්ථාව ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ.

මේ වන විට ශ්‍රී ලංකාව / නවසීලන්තය / ඉන්දියාව / බංග්ලාදේශය / ඔස්ටේ්‍රලියාව හා ඇෆ්ගනිස්ථානය ද සිය සංචිත නම් කර තිඛෙනවා.

මෙවර එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟමාලාව ලබන මස 30 වනදා සිට එංගලන්තයේදී සහ වේල්සයේදීයි පැවැත්වෙන්නේ.