ධර්මසේන – මඩුගල්ලේ Final එකටත්

2019-07-12 at 17:35

ලබන ඉරිදා ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේ විනිසුරුවරුන් සහ තරග තීරකයන් අද ප්‍රකාශයට පත්කෙරුණා.

ඒ අනුව ලාංකිකයන් දෙදෙනෙකු ඊට ඇතුළත්වීම විශේෂත්වයක්.

කුමාර් ධර්මසේන මහතා විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන අතර තරග තීරක ලෙස කටයුතු කරන්නේ රංජන් මඩුගල්ලේ මහතායි.

කුමාර් ධර්මසේන මහතා විසින් ඊයේ දිනයේ පැවති ඔස්ටේ්‍රලියාවට එරෙහි අවසන් පූර්ව තරගයේදී එංගලන්ත පිලේ ජේසන් රෝයි උඩ පන්දුවක් දෙමින් දැවීගිය ක්‍රීඩකයෙකු බවට නම් කිරීම මේ වනවිට මතභේදාත්මක කරුණක් බවටද පත්වී තිඛෙනවා.

ඒ පන්දුව පිත්තේ ගැටී නොමැති බව දර්ශනවල සටහන් වී තිබීම හේතුවෙන්.

එබඳු වාතාවරණයකදී අයි සී සී ය විසින් එංගලන්ත – නවසීලන්ත අවසාන මහා තරගය සඳහා ඔහු විනිසුරුවරයෙකු ලෙස නම් කර තිබීමද විශේෂත්වයක්.

අදාළ සිදුවීමේදී විනිසුරු තීරණය අභියෝගයට ලක්කල ජේසන් රෝයිට තරග ගාස්තුවෙන් සියයට 30 ක දඩයක්ද පැණවුනා.