නවසීලන්තය සහ එංගලන්තය රග්බි ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට

2019-10-19 at 19:26

මෙවර රග්බි ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට නවසීලන්තය සහ එංගලන්තය අද සමත්වුණා.

අද පැවති අර්ධ අවසන් පූර්ව තරගයේදී නවසීලන්තය හමුවේ පරාජයට පත්වුණේ අයර්ලන්තයයි. එහිදී ගෝල 41ට 14ක් ලෙස පහසු ජයක් හිමි කර ගැනීමට නවසීලන්තය සමත් වුණා.

ගෝල 40ට 16 ක් ලෙස ඔස්ටේ්‍රලියානු කණ්ඩායම පරාජයට පත් කරමින් එංගලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

පසුගිය ලෝක කුසලාන තරගාවලියේදී අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමටත් පෙර තරගාවලියෙන් ඉවත්වූ වූ එංගලන්තය මෙවර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම වඩාත් කැපී පෙනෙනවා.

මෙවර රග්බි ලෝක කුසලානයේ එංගලන්තය සහ නවසීලන්තය අතර අවසන් පූර්ව වටය ලබන 26වනදා පැවැත්වීමට නියමිතයි.

මේ අතර රග්බි ලෝක කුසලානයේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගය හෙට පැවැත්වෙනවා.

ඉන් එක් තරගයක් වේල්සය සහ ප්‍රංශය අතර පැවැත්වෙන අතර දෙවන තරගය පැවැත්වෙන්නේ ජපානය සහ දකුනු අප්‍රිකාව අතරයි. ජපානය මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලියේ සත්කාරකත්වය දරනවා.

ලෝක කුසලානයේ අවසන් මහා තරගය යොකොහාමා ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේදී ලබන මස2 වනදා පැවැත්වීමට නියමිතයි.