නවසීලන්ත – ඉන්දියා තරගයට වර්ෂාවෙන් බාධා / ඒ Match එක අද ආයෙත්

2019-07-10 at 06:41

ලෝක කුසලානයේ ඉන්දියාව හා නවසීලන්තය අතර අවසන් පුර්ව වටයේ තරගය අද නැවත ආරම්භ කිරිමට නියමිතයි.

මැන්චෙස්ටර් නුවර පැවැත්වෙන තරගයට වර්ෂාවෙන් දැඩි බලපැම් එල්ලවීම හේතුවෙන් නවසීලන්ත ඉණිම අතරමගදි තරගය නතර කිරිමට සිදුවුනා.

ඒ වන විට පන්දුවාර 46 යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 5 ක් දැවී නවසීලන්ත පිළ ලබා සිටි ලකුණු සංඛ්‍යාව 211 ක්. අද එතැන් සිට තරගය යළි ආරම්භ වනු ඇති.

අද දිනයේදීද වර්ශාවෙන් බාධා එල්ලවුවහොත් තරගයේ පන්දුවාර සංඛ්‍යාව අඩු කෙරෙන අතර අවම වශයෙන් ඉන්දියාව පන්දුවාර 20 කට හෝ මුහුණ දිය යුතුයි.

අද දිනය තුළ එකදු පන්දු වාරයක් හෝ යැවීමට නොහැකි වුවහොත් මූලික වටයේ පෙරමුණේ පසුවූ කණ්ඩායම එනම් ඉන්දියාව අවසාන මහා තරගයට සුදුසුකම් ලබනු ඇති.

ඊයේ තරගයේ මුල් භාගයේ සිටම ඉන්දීය පන්දු යවන්නන් දක්ෂ පන්දු යැවිමක නිරත වුනා. ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් රැස් කලේ එක් ලකුණක් පමණයි.

නායක කේන් විලියම්සන් හා රොස් ටේලර් ලකුණු 67 බැගින් රැස් කළා. එංගලන්තයේ හා වේල්සයේ පැවැත්වෙන මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරග කිහිපයක්ද වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණා.

මෙවර ලෝක කුසලානයේ 2 වන අවසන් පූර්ව තරගය ඔස්ටේ්‍රලියාව සහ එංගලන්තය අතර හෙට පැවැතවීමට නියමිතයි.