නවසීලන්ත – ශ්‍රී ලංකාව දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද සිට

2019-08-22 at 04:45

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භවනවා.

ඒ කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේදීයි. දෙරට අතර ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගය ජය කඩුලු 6 කින් ජය ගැනිමත් සමග තරගාවලිය 1 ට 0 ලෙස ඉදිරියෙන් පසුවන්නේ ශ්‍රී ලංකාවයි.

මේ අතර පන්දු යැවීමේ ඉරියව් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ චෝදනාවලට ලක්ව සිටින දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය අද තරගයට ක්‍රීඩා නොකරන බවටයි වාර්තා පළවන්නේ.

ඒ වෙනුවට දග පන්දු යවන ක්‍රීඩක දිල්රුවන් පෙරේරා කණ්ඩායමට කැඳවා තිඛෙනවා.

අකිල ධනංජය ගාල්ලේ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඉනිම දෙකේදී කඩුලු 5 ක් දවා ගැනීමට සමත් වුණා.

මේ අතර අකිල ධනංජය සිය පන්දු යැවීමේ ඉරියව් සම්බන්ධයෙන් චෙන්නායි නුවර පැවැත්වෙන පරීක්ෂණයකට මුහුණ දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් කොළඹ සී සරා ඕවල් ක්‍රීඩාංගනය වැඩි වශයෙන් වාසිදායක වන්නේ වේග පන්දු යවන්නන්ටයි.