නවසීලන්ත – ශ්‍රී ලංකා 2 වන ටෙස්ට් තරගයේ 3 වන දිනය අද

2019-08-24 at 06:33

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන් වන දිනය අදයි.

වර්ෂාව හේතුවෙන් ඊයේ දිනයේ නියමිත වේලාවට පෙර තරගය නතර කරන විට සිය පළමු ඉණිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලකුණූ 144 ක් ලබා සිටියා.

ධනංජයද සිල්වා නොදැවී ලකුණූ 32 යි. ශ්‍රී ලංකා පළමු ඉණිම වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න ලකුණූ 65 ක් ලබා ගත්තා.

තරගය පැවැත්වෙන්නේ කොළඹ පී සරවනමුත්තු ක්‍රීඩාංගනයේදීයි.


sit mattis felis fringilla amet, venenatis, diam