පන්දු යවන්නන්ගේ පුහුණූවීම්වලට නව නිර්දේශ මාලාවක්

2020-05-23 at 06:29

පන්දු යවන්නන්ගේ පුහුණූවීම්වලට අදාලව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නව නිර්දේශ මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා.

නැවත ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කිරීමට සුදනම් වීමේදී ආබාධ වළක්වා ගැනීමට එය උපකාර වන බවයි ක්‍රිකට් කවුන්සිලය පෙන්වා දෙන්නේ.

දීර්ඝ කාලයක් ක්‍රීඩාවෙන් හා ප්‍රධාන පුහුණූවීම්වලින් ඉවත් වී සිටිමෙන් පසුව යළි ක්‍රීඩාවට පිවිසීමේදී පන්දු යවන්නන් විශේෂයෙන් සැලකිළිමත් විය යුතු බව එහිදී අවධාරණය කර තිබෙනවා.

එබැවින් ටෙස්ට් පන්දු යවන්නෙකු මුලික වශයෙන් සති 12 ක පමණ පුර්ව පුහුණූවීම් කාලයක් සම්පුර්ණ කිරීම වඩාත් යෝග්‍ය බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ.

එක් දින තරඟ සහ 20යි 20 තරඟවලට සති 6 ක කාලයක් පුහුණූවීම සුදුසු බවයි නිර්දේශ කර තිබෙනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් මාස දෙකකට වැඩි කාලයක් ලොව පුරා ක්‍රිකට් තරඟ අත්හිටුවා තිබුණා.

නැවත වරක් ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමින් ආරම්භ කිරීමේදී පළමුවෙන් තරඟ බිමට පිවිසීමට නියමිතව ඇත්තේ එංගලන්තය හා කොදෙව් කණ්ඩාමයි.

ලබන ජුලි 8 වනදා දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරඟමාලාවක් එංගලන්තයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.