පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද ඇරඹෙයි

2019-08-14 at 05:40

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භවනවා. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදීයි.

ශ්‍රී ලංකා කණ්ඩායම දිමුත් කරුණාරත්න විසින් ද නවසීලන්තය කේන් විලියම්සන් විසින්ද මෙහෙයවනු ලබනවා.

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරිම් අනුව නවසීලන්තය දෙවන ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරිම්වල පසුවන්නේ 6 වන ස්ථානයේයි.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පිවිසෙන්නේ ක්‍රීඩකයින්ගේ නිල ඇදුමෙහි කලු පැහැයෙන් යුතු අංකයක් සහිතවයි.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන්නේ ලෝක ටෙස්ට් ක්‍රිකට් ශ+රතාවලිය යටතේයි.

ශ්‍රී ලංකාව අවසන් වරට නවසීලන්තයට එරෙහිව තරගයක් ජයගෙන ඇත්තේ 2012 වසරේදීයි.

මේ අතර අද තරගය පිළිබද ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ඊයේ ගාල්ලේ පැවති මාධ්‍ය හමුවේදි අදහස් පලකළා. අද තරගයේදී කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති බවයි ඔහු සඳහන් කළේ.