පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට කඩුලු 07 ක ජයක්

2021-01-18 at 10:30

ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් එංගලන්තයට කඩුලු 07 ක ජයක් හිමිවුණා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තරගය ජය ගැනීමට ඔවුන්ට දෙවන ඉණිමේදී හිමිවූ ඉලක්කය ලකුණු 74 ක්.

කඩුලු 03 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යාමටයි එංගලන්තය සමත්වූයේ.

ජොනී බෙයාර්ස්ටෝ නොදැවී 35 ක්ද ඩැන් ලෝරන්ස් නොදැවී 21 ක්ද ලබාගත්තා.

ලසිත් ඇඹුල්දෙණිය ළකුණු 29 කට කඩුලු 02 ක් බිඳහෙලුවා.

ශ්‍රී ලංකා පළමු ඉණිම සියල්ලන් දැවී 135 යි. එංගලන්තය සිය පළමු ඉණිමට ළකුණු 421 ක් රැස් කලා.

ශ්‍රී ලංකා දෙවන ඉණිම 359 යි.

දෙරට අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන සිකුරාදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි.