පළමු ටෙස්ට් තරගයේදී හොඳම පන්දු යැවීමේ වාර්තාව ප්‍රවීන් ජයවික්‍රමට

2021-05-03 at 11:09

සිය පළමු ටෙස්ට් තරගයේදී හොඳම පන්දු යැවීමේ වාර්තාව තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම සමත්වුණා.

ඒ බංග්ලාදේශයට එරෙහි දෙවන ටෙස්ට් තරගයේදී ළකුණු 151 කට කඩුලු 09 ක් බිඳ හෙළීමත් සමගයි.

මෙතෙක් එම වාර්තාවට හිමිකම් කීවේ අකිල ධනංජය විසින් වන අතර ඔහු ළකුණු 44 කට කඩුලු 08 ක් දවාගෙන තිබුණා.