පළමු ටෙස්ට් තරගයේ 03 වන දිනය අද – හෝටලයේ 02 කට කොවිඩ් වැළඳුනැයි බය නැතැයි එංගලන්තය කියයි

2021-01-16 at 07:27

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ 03 වන දිනය අදයි.

වර්ශාව හේතුවෙන් නියමිත වේලාවට පෙර ඊයේ දිනයට තරගය අවසන් කෙරුණු අතර ඒ වනවිට සංචාරක එංගලන්තය කඩුලු 04 ක් දැවී ලබා සිටි ළකුණු සංඛ්‍යාව 320 ක්.

නායක ජෝ රූට් නොදැවී 168 යි.

ජොස් බට්ලර් නොදැවී ළකුණු 07 ක් ලබා කඩුල්ලේ රැඳී සිටියා. ඩැන් ලෝරන්ස් 73 කට දැවී ගියා. ජොනී බෙයාර්ස්ටෝ 47 යි.

ලසිත් ඇඹුල්දෙණිය ළකුණු 131 කට කඩුලු 03 ක් බිඳ හෙලුවා. තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.

මේ අතර එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නතරවී සිටින හෝටලයේ සේවකයන් දෙදෙනෙකුට කොවිඞ් වෛරසය වැළඳී ඇතැයි තහවුරුවී ඇතත් ඒ සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස කලබලයට පත් නොවන බව එංගලන්ත ක්‍රිකට් කළමණාකාරීත්වය පවසනවා.

ඔවුන් දෙදෙනා එංගලන්ත ක්‍රීඩකයන් සමග සමීපව කටයුතු කර නොමැති බවටයි හඳුනාගෙන ඇත්තේ.

එංගලන්ත ක්‍රීඩකයන් ලබන අගහරුවාද දිනයේදී යළිත් වරක් පී සී ආර් පරීක්ෂණවලට ලක් කිරීමට නියමිතයි.