පළමු ටෙස්ට් තරගයේ 4 වන දිනය අද

2019-12-14 at 07:21

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ හතරවන දිනය අදයි.

ඊයේ දිනය නිමාවනවිට පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී රැස්කර සිටි ලකුණු සංඛ්‍යාව 282 ක්.

ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 87 ක් ද දිල්රුවන් පෙරේරා නොදැවී ලකුණු 6 ක්ද ලබාසිටිනවා.

තරගය පැවැත්වෙන්නේ පකිස්ථානයේ රාවල්පිණ්ඩිහිදීයි.