පළමු ටෙස්ට් තරගය ජයගැනීමට එංගලන්තයට ළකුණු 74 ක ඉලක්කයක්

2021-01-17 at 16:58

ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජයගැනීමට සංචාරක එංගලන්තයට ළකුණු 74 ක ඉලක්කයක් හිමිවී තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා දෙවන ඉණිම ළකුණු 359 කට සියල්ලන් දැවී යාමත් සමගයි.

ළහිරු තිරිමාන්න 111 ක්ද ඇන්ජලෝ මැතිව්ස් 71 ක්ද ලබාගත්තා.

කුසල් ජනිත් පෙරේරා 62 යි.

පන්දු යැවීමේදී ජැක් ලීච් ළකුණු 122 කට කඩුලු 05 ක් බිඳ හෙලුවා.

එංගලන්ත පළමු ඉණිම සියල්ලන් දැවී 421 යි. ශ්‍රී ලංකා පළමු ඉණිම 135 කට සීමාවුණා.

තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.