පළමු දිනයේ වැඩි ගෞරව අකිලගේ දග පන්දුවට

2019-08-14 at 18:11

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රීකට් තරගයේ පළමු දිනය අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් නියමිත කාලයට පෙර නවතා දැමීමට තරග විනිසුරුවන් තීරණය කළා.

තරගයේ කාසිය වාසිය දිනා ගනිමින් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය තරගය අද දිනට නතරකරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 203 ක් ලබා සිටියා.

රෝස් ටේලර් නොදැවී ලකුණු 86 යි. නවසීලන්ත කණ්ඩාමේ බිදවැටුනු කඩුලු 5 ම දල පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය විසින් දවා ගැනීම ද විශේෂත්වයක් වුණා.

තරගයට අවස්ථා කිහිපයකදිම වර්ෂාවෙන් බාධා එල්ල වු අතර අද දිනය තුල තරගයේ ක්‍රියාත්මක කිරිමට හැකිවුයේ පන්දුවාර 68 ක් පමණයි. තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදියි.