ප්‍රග්යාන් ඕජා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

2020-02-21 at 15:56

ඉන්දියාවෙන් බිහි වු දක්ෂ පාදග පන්දු යවන්නෙකු වු ප්‍රග්යාන් ඕජා ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් විශ්‍රාම ගෙන තිබෙනවා.

2009 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් වරම් ලැබු ඔහු ටෙස්ට් ක්‍රිකට් තරග 24 කදී කඩුළු 113 ක් බිඳ හෙළීමට සමත් වුණා.

ප්‍රග්යාන් ඕජා ඉන්දියාව වෙනුවෙන් එක් දින තරග 18 කට සහ 20 යි 20 තරග 6 කටද සහභාගී වී තිබෙනවා.

පසුගිය කාලසීමාවේදී ඔහුට ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව උදාවුයේ නැහැ.

ජාත්‍යන්තර තරඟ දිවියට සමුදුන්නද ප්‍රග්යාන් ඕජා තරවදුරටත් පළමු පෙළ තරඟවලට සහභාගී වීමට නියමිතයි.


mattis fringilla consectetur neque. sem, id, tristique