පාකිස්ථාන කණ්ඩායම අද එංගලන්තයට

2020-06-28 at 07:25

එංගලන්ත ක්‍රිකට් සංචාරයට එක්වන පාකිස්ථාන සංචිතය අද (28) පිටත්ව යනවා.

ක්‍රීඩකයින් 18 දෙනෙකු සහ පුහුණූකරුවන් ඇතුළු සහයක කාර්ය මණ්ඩල සාමාජිකයින් 11 දෙනෙකු එම පිරිසකට ඇතුළත්.

මෙම සංචාරය සඳහා ක්‍රීඩකයින් 29 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබුණා.

ඔවුන් අතරින් 10 දෙනෙකු ඉවත් කිරීමට සිදුවුයේ කොරෝනා ආසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි.

එම පිරිස දෙවන වරටත් පරික්ෂණයට යොමු කළ අවස්ථාවේදී ක්‍රීඩකයින් 5 දෙනෙකුට වෛරසය ශරීරගතවී නොමැති බව හෙළි වී තිඛෙනවා.

එහෙත් ඔවුන් අද පිටත් වන කණ්ඩායම සමග එක්වන්නේ නැහැ.

ඉදිරියේදී තවත් ක්‍රීඩකයින් පිරිසක් එංගලන්තය බලා පිටත් කර යැවීමයි පාකිස්ථාන ක්‍රිකට් පාලක මණAඩලයේ සැලසුම වන්නේ.

පාකිස්ථාන කණ්ඩායම එංගලන්තයේදී මාසයක පමණ කාලයක් නිරෝධායන සීමා යටතේ පුහුණූවීමට නියමිතයි.

එංගලන්ත පාකිස්ථාන ටෙස්ට් තරඟමාලාව ලබන අගොස්තු මස ආරම්භ වීමට නියමිතයි. ටෙස්ට් තරඟ තුවන් ඊට ඇතුළත් වනවා.

අනතුරුව දෙරට අතර 20 යි 20 තරඟ තුනක් පැවැත්වීමට සැලසුම් කර තිඛෙනවා.