පාකිස්ථාන තරගමාලාවෙන් ඉවත් වු ක්‍රීඩකයින්ට රතු එළියක්

2019-09-10 at 10:54

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල තරග සංචාරවලට එක් නොවන කිසිදු ක්‍රීඩකයෙකුට වෙනත් විදේශීය තරගමාලා සඳහා අවසර ලබා නොදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

නිවිස්රේඩියෝ කළ විමසීමකදී තහවුරු වුයේ මෙවර පාකිස්ථාන සංචාරයට එක් නොවු කිසිදු ක්‍රීඩකයෙකුට වෙනත් තරගමාලා සඳහා අවසර ලබාදිීමේ ලිපි නිකුත් නොකරන බවයි.

එබැවින් මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගමාලාවට සහභාගී වීමට අපේක්ෂාවෙන් සිටි ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට එම අවස්ථාව නොලැබීමේ තත්වයක් නිර්මාණය වී තිඛෙනවා.

පාකිස්ථානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් එම තරගමාලාවෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයින් වන දිමුත් කරුණාරත්න සහ ලසිත් මාලිංග ඇතුලු ප්‍රභලම ක්‍රීඩකයින් 10 දෙනෙකු තීරණය කර තිඛෙනවා.

ඇන්ජලෝ මැතිවිස් / දිනේෂ් චන්දිමාල් / සුරංග ලක්මාල් / කුසල් ජනිත් පෙරේරා ද ඒ අතර වනවා.

තිසර පෙරේරා නිරෝෂන් දික්වැල්ල / අකිල ධනංජය හා ධනංජයද සිල්වාද පාකිස්ථාන සංචාරයට එක් වන්නේ නැහැ.

එබැවින් පකිස්ථාන සංචාරයේ එක් දින හා 20 යි 20 සංචිත දෙක වෙනම නායකයින් දෙනෙනෙකු යටතේ නම් කර එවා අනුමැතිය සඳහා දැනටමත් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමු කර තිඛෙනවා.

ලබන 27 වනදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා පිලේ පාකිස්ථාන තරග සංචාරයට එක් දින තරග 3 ක් සහ 20 යි 20 තරග තුනක් ඇතුළත් වනවා.

තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට රාජ්‍ය නායකයෙකුට හිමි ආරක්ෂාවක් ලබාදීමට පියවර ගන්නා බවයි පකිස්ථාන බලධාරීන් සඳහන් කර තිබුණේ.