පිතිකරුවන් වගකීම් සහගත විය යුතුයි – මාලිංග

January 11, 2019

තරඟයක් ජය ගැනීමේදී පිතිකරුවන්ට පැවරෙන වගකීම් සම්බන්ධයෙන් ඔවුන් අවබෝධයෙන් පසු විය යුතු බව ශ්‍රී ලංකා එක් දින හා 20 යි 20 නායක ලසිත් මාලිංග පවසනව.

මාලිංග පෙන්වා දෙන්නේ තරඟයක් ජයග්‍රාහීව නිම කිරීමේ කාර්ය භාරය පිතිකරුවන් භාර ගත යුතු බවයි.

නවසීලන්තයට එරෙහිව අද පැවති 20 යි 20 තරගයේදී හිමිවු ඉලක්කය හාඹා යාමට හැකි ඉලක්කයක් බවයි ශ්‍රී ලංකා නායකයාගේ මතය වන්නේ.

විශේෂයෙන් ඔක්ලන්ඩ් වැනි කුඩා ක්‍රීඩාංගනයකදී ලකුණූ හඹා යාම පහසු බව මාලිංග සඳහන් කර තිඛෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු 36කින් ජය ගැනීමට සත්කාරක නවසීලන්තය අද සමත් වුණා.