බංග්ලාදේශයත් සංචිතය නම් කරයි

2019-04-16 at 13:18

මෙවර ක්‍රිකට් ලෝක කුසලානය සදහා එක්වන බංගලාදේශ ක්‍රිකට් සංචිතය නම් කර තිඛෙනවා.

එහි නායකත්වය හිමිව ඇත්තේ මෂ්රෆි මොටාසාටයි.

තමීම් ඉක්බාල් / ලින්ටන් දාස් / සෞම්‍ය සර්කාර් / මහමුදුල්ලා / මොහොමඩ් මිතුන් යන ක්‍රීඩකයන්ද සංචිතයට ඇතුලත්.

සංචිතයේ උප නායකයා ලෙසින් ෂකීබ් අල් හසන් කටයුතු කරනවා.

කඩුලු රකින ක්‍රීඩකයා ලෙසින් සංචිතයට නම් කර ඇත්තේ මුෂ්ෆිකර් රහීම්වයි.

ශබ්බීර් රහ්මාන් / මොසැඩැක් හුසෙයින් / මොහොමඩ් සයිෆුඩීන් / මෙහෙදි හසන් / රූබල් හුසෙන් / මුෂ්ටෆිසුර් රහ්මාන් හා අබු ජාවෙඩ් සංචිතයේ සෙසු සාමාජිකයන්.

මෙවර ක්‍රිකට් ලෝක කුසලානය ලබන මැයි 30 වනදා සිට ජූලි 14 වනදා දක්වා පැවැත්වෙනවා.

ඒ එංගලන්තයේ හා වේල්සයේදීයි.