බෙන් ස්ටෝක්ස් එංගලන්ත ටෙස්ට් නායකත්වයට ?

2020-06-03 at 14:28

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි පළමු ටෙස්ට් තරඟයට එංගලන්ත නායක ජෝ රූට්ගේ සහභාගීත්වය අවිනිශ්චිත වී තිබෙනවා.

ඔහුගේ බිරිඳ දෙවන දරු ප්‍රසුතියට සුදානම් වීමයි ඊට හේතුව වන්නේ.

රූට් සහභාගී නොවුනහොත් බෙන් ස්ටෝක්ස් එම තරඟයේ නායකත්වය දරනු ඇති බවයි එංගලන්ත වාර්තා සඳහන් කළේ.

කොදෙව් එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ලබන මස 8 වනදා සවුතැම්ප්ටන් හිදි ආරම්භ වීමට නියමිතයි.