මහේල ජයවර්ධන ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු ධුරයට ?

2019-07-17 at 13:47

ඉන්දීය ක්‍රිකට් පිළේ පුහුණූකරුවන්ගේ පුර්ණ වෙනසක් සිදු කිරීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිඛෙනවා. ඉන්දීය පුවත් සේවා පවසන්නේ මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟමාලාවේදී ඉන්දීය පිල අවසන් පුර්ව තරඟයෙන් පරාජය වීම හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි.

එබැවින් රවි ශාස්ත්‍රී දරන ප්‍රධාන පුහුණූකාර ධුරය ඇතුළු සියලු පුහුණූකාර තනතුරු වෙනස් කිරීමට නියමිතයි. සහායක කාර්ය මණ්ඩලයද වෙනස් කිරීමටයි ඉන්දීය බලධාරීන් තීරණය කර ඇත්තේ.

මේ අනුව ඉන්දීය ප්‍රධාන ක්‍රිකට් පුහුණූකරු ධුරයට ප්‍රභලයින් රැසක් අයදුම් කරනු ඇතැයි ඉන්දීය මාධ්‍ය අනාවැකි පල කරනවා.

ඉන්දීය පිලේ හිටපු පුහුණූකරුවෙකු වන ගැරී කර්සටන් / ටොම් මුඩි / විරොන්ද්‍ර ශෙවාග් සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනයද ඉල්ලුම්කරුවන් අතර සිටිනු ඇති බවයි ඉන්දීය පුවත් සේවා සඳහන් කරන්නේ.