මාලිංගගේ සුපිරි පන්දු යැවීමෙන් මුම්බායි පිළට ජය

2019-04-16 at 07:34

අයි.පී.එල් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමග ඊයේ පැවති තරගය කඩුලු 5 කින් ජය ගන්නට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම සමත් වුනා.

තරගය පැවැත්වුනේ මුම්බායි හීදියි. කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම පන්දු යැවීමට තීරණය කලා. ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් බැංගලෝර් පිළ නියමිත පන්දුවාර 20 තුලදී කඩුලු 7 ක් දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 171 ක්.

ඒ.බී ඩිවිලියර්ස් ලකුණු 75 යි.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මුම්බායි කන්ඩායමේ ලසිත් මාලිංග ලකුණු 31 කට කඩුලු 04 ක් දවා ගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල මුම්බායි කණ්ඩායම පන්දුවාර 19 ක් අවසානයේ කඩුලු 05 ක් දැවී ලකුණු 172 ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

හර්දික් පාණ්ඩියා නොදැවී ලකුණු 37 යි.

මේ අතර අයි.පී එල් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම හා කින්ග්ස් ලෙවන් පන්ජාබ් කන්ඩායම අතර තරගය අද රාත්‍රී 8 ට පන්ජාබ් හීදි ආරම්භ වීමට නියමිතයි.